LaTeX මෘදුකාංගය ඇසුරින් විද්‍යාත්මක ලේඛන සම්පාදනය

Online Via Zoom Meeting

Zoom meeting link and the passcode as following;

Meeting ID  :   679 7089 3200

Passcode    :   LaTeX-01

Meeting Date: 23rd February 2021

Meeting Time: 2.00 p.m. - 3.00 p.m.

Image

LaTeX මෘදුකාංගය ඇසුරින් විද්‍යාත්මක ලේඛන සම්පාදනය

LaTeX මෘදුකාංගය ඇසුරින් විද්‍යාත්මක ලේඛන සම්පාදනය

LaTeX නැමැති ලේඛන සකස් කිරීමේ මෘදුකාංගය ගණිතය, සංඛ්‍යාන විද්‍යාව, පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී බොහෝ විද්‍යාත්මක විෂය ක්ෂෙත්‍රයන් හි පර්යේෂණ පත්‍රිකා, නිබන්ධන සහ ග්‍රන්ථ ආදිය ප්‍රකාශනය කිරීම සඳහා බහුලව භාවිත කරනු ලබන අතර, මෙය විවෘත ප්‍රභව මෘදුකාංගයක් (Open-source software) වේ. මාතෘකා, උප මාතෘකා, සමීකරණ, වගු, රූප සටහන් ආදිය ස්වයංක්‍රීය අංකකරණය සහ ස්වයංක්‍රීයව ලැයිස්තු සකස් කිරීම, ස්වයංක්‍රීයව පටුන පිට සකස් කිරීම, උපුටා ගැනීම් (උද්ධෘත) හා විමර්ශන මූලාශ්‍ර සහසම්බන්ධ කිරීමේ හැකියාව මෙම මෘදුකාංගයේ විශේෂිතාංග අතරට එක් කළ හැක. අනෙකුත් වදන් සැකසුම් මෘදුකාංග මෙන් නොව මෙහි දී විධානයන් භාවිතයෙන් ලේඛන සකස් කිරීම කරනු ලබයි. මෙම වෙබ් සම්මන්ත්‍රණය හා සම්බන්ධ වීමෙන් ඔබට, LaTeX මෘදුකාංගය භාවිතයෙන් විද්‍යාත්මක ප්‍රකාශනයක් පහසුවෙන් සකස් කරනු ලබන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිවනු ඇත.

ආවරණය වන කරුණු:

1) මෘදුකාංගය හඳුන්වා දීම

2) ප්‍රකාශනයක පිටු සකස් කිරීම

3) ප්‍රකාශනයේ අන්තර්ගතය නිර්මාණය කිරීම

4) වගු සහ රූප සටහන් ඇතුළත් කිරීම

5) විමර්ශන මූලාශ්‍ර ලැයිස්තු සකස් කිරීම

දිනය සහ වේලාව: පෙබරවාරි 23 අඟහරුවාදා ප.ව. 2.00

එම්. අයි. ජී. සුරංග සම්පත්
ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති, කැලණිය විශ්වවිද්‍යාලය
B.Sc. (Ruhuna), M.S.Sc. (Kelaniya), Ph.D. (HUST, China)