විද්‍යාලංකාර පිරුවන්හි ප්‍රථම පරිවේනාධිපති බෝධිසත්වගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහාස්වාමීන්‍ද්‍රයන් වහන්සේ (1875-1887)

විද්‍යාලංකාර පිරිවෙනෙහි ආරම්භය සිදු කළ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමි වූ කලී විද්‍යාලංකාර පිරිවෙන් ඉතිහාසය තුළ පහළ වූ සුවිශේෂිත ම චරිතයකි. සත්‍ය සමුච්චය සඟරාවට අනුව, ධර්මාලෝක හිමියන්ව වලානේ සිද්ධාර්ථ හිමි වෙත භාර කරන ලද්දේ ධර්මාලෝක හිමියන්ගේ මුල් ගුරුවරයා වූත්, වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ගේ ගෝල රත්නයක් වූත් අඬුපේ සෝණුත්තර හිමි විසින් ය.

1838 සිට 1847 දක්වා ධර්මාලෝක හිමියෝ වලානේ සිද්ධාර්ථ හිමි සෙවණේ අධ්‍යාපනය ලැබූහ. පෑලියගොඩ ග්‍රාමයේ දී විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව ආරම්භ කර වර්ෂ 1875 සිට 1887 දක්වා වූ කාලය තුළ උන්වහන්සේ එහි පරිවේනාධිපති ලෙස කටයුතු කළේ ය. 

ස්වකීය කාර්යභාරය ඉදිරියට ගෙන යාමට සමර්ථ ප්‍රබල ශිෂ්‍ය පිරිසක් හදා වඩා පිරිවෙනෙහි අභිවෘද්ධිය ඉදිරියටත් පවත්වාගනෙ යාම සිය ශිෂ්‍යවර ධර්මාරාම හිමි ඇතුළු එකී පිරිසට භාර කරමින් 1887 අගෝස්තු මස 17 වැනිදා කථාශේෂභාවෝපගත වූහ.

උන්වහන්සේ විසින් භාවිත කරන ලද සිවුරල අදනයල බද පටියල පාවහන් යුගලල පිගන් හා කෝප්පල ගිරයල මඩිස හා උන් වහන්සේගේ අත් අකුරු මෙහි දී ප්‍රදර්ශනය කෙරේ. 
Image
Image
Image
Image
Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya