විද්‍යාලංකාර පිරුවන්හි ද්විතීය පරිවේනාධිපති සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ (1887-1918)

ශ්‍රී ධර්මාලෝක හිමිගෙන් පසු විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවේනාධිපති ධූරය හොබවනු ලැබූවේ රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමියන් විසිනිග 1887 - 1918 දක්වා ස්වකීය අධ්‍යාපන ආයතනය වෙනුවෙන් කැපවූ උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙන අධ්‍යාපන ආයතනයක් බවට පත් කිරීමට මහඟු සේවයක් සිදු කරන ලදී. ධර්මශාස්ත්‍ර සේවය තව තවත් පුබුදුවාලන්නට මුල් වූ සඟරාවක් ලෙස වර්ෂ 1887 දී ආරම්භ කළ සත්‍ය සමුච්චය දැක්විය හැකි ය. උන්වහන්සේට මුහුණ පෑමට සිදු වූ නොයෙකුත් වාද විවාද සඳහා ඉවහල් වූයේ මෙම සත්‍යසමුච්චය සඟරාවයි. මතභේදයට තුඩුදුන් බොහෝ කරුණු ගැන ඇති වූ වාද කිහිපයක් ම සත්‍යසමුච්චයේ සඳහන් වේ. එම වාද අතර බුද්ධ වර්ෂ වාදය, ව්‍යවහාර වාදය, ණ න ළ ල ව්‍යවහාර වාදය, සුගත් වියත් වාදය, උක්ත වස්තු වාදය, පාරුපන වාදය, වාසි වාදය, දුශ්ශීල වාදය යන වාද විශේෂයෙන් දැක්විය යුතුය.

ධර්ම ශාස්ත්‍රීය කටයුතු වලදී නවීන රාජචරිතය, සිදත් සඟරා පුරාණ සන්නය, අත්තනගලු වංශය, කාව්‍යශේඛර සන්නය, ධර්මප්‍රදීපිකාව, මහාබෝධිවංශ ග්‍රන්ථිපද විවරණය, හංස සන්දේශ සන්නය, සැළලිහිණි සන්දේශ සන්නය, මොග්ගල්ලාන පඤ්චිකා ප්‍රදීපය, පාළි නාමාඛ්‍යාත වරනැගිල්ල, බාලාවතාරය, කච්චායන වුත්තිය, මහාරූප සිද්ධිය, විසුද්ධි මග්ග ටීකාව, සංස්කෘත ශබ්ද මාලා, ශික්‍ෂා සංග්‍රහ, ජානකීහරණය, කාව්‍යාදර්ශ සන්නය, පපඤ්ච සුදනී, මනෝරථපූරණී, මජ්ඣිම නිකාය ආදී ග්‍රන්ථ රාශියක් නිර්මාණය කිරීමෙන් උන්වහන්සේ සතු ශාස්ත්‍රීය කෞශල්‍යය මැනවින් පෙන්නුම් කෙරෙයි. ධර්මාරාම හිමියන් විසින් ආගමික, ශාස්ත්‍රීය මෙන් ම ආධ්‍යාපනික ආදී සෑම අංශයකින් ම විද්‍යාලංකාර පිරිවෙන සඳහා සිදු කළ සේවය අතිමහත් ය.

මෙවැනි සුවිසල් සේවයක් සිදු කළ විද්‍යාලංකාර පිරිවෙන්හි නිර්මාතෘ ධර්මාලෝක හිමියන්ගේ පළමු ශිෂ්‍ය රත්නය ලෙස ආගමික සහ ශාස්ත්‍රීය වශයෙන් අගනා සේවයක නියැළි ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශිරොමණීභූත රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයාණෝ වර්ෂ 1918 මැයි මස 03 වැනි දින පෙරවරු කාලයේ සියලු ලාංකික ජනයා සෝ සයුරේ ගිල්වමින් සදහටම දෙනෙත් පියා ගත්හ.

උන්වහන්සේගේ මතකයන් ආවර්ජනය සදහා උන්වහන්සේ පරිහරණය කරන ලද සිවුර, අදනය, බද පටිය, පාවහන් යුගල, පිගන් හා කෝප්ප, ගිරය, මඩිස හා උන් වහන්සේගේ අත් අකුරු මෙහි දී ප්‍රදර්ශනය කෙරේ.
Image
Image
Image
Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya