වර්ෂ 1918 සිට 1945 දක්වා කාලය තුළ විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවේනාධිපති ධූරය හොබවන ලදී. වර්ෂ 1892 දී මල්වතු මහාවිහාර භූමියේ දී උන්වහන්සේ උපසම්පදාව ලබා ගත්හ. 1893 දී විද්‍යාලංකාර පිරිවෙනෙහි ආචාර්ය තනතුරක් ද ලබා ගත් උන්වහන්සේ ඉක්බිතිව බෙලිගම්මන විද්‍යාවර්ධන පරිවේනාධිපති පදවියටත්, වීරහේන විද්‍යාරත්න පරිවේනාධිපති පදවියටත් පත් කරනු ලැබූහ. ධර්මාරාම හිමියන්ගේ අභාවයෙන් දින අටකට පසුව ධර්මානන්ද හිමියන් විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවේනාධිපති පදවියට පත් වූ අතර මල්වතු මහා සංඝ සභාව විසින් ධර්මකීර්ති ශ්‍රී යන උපාධිය ද සහිතව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද ලබා දෙන ලදි. ඉන්පසුව ධර්මානන්ද හිමියෝ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන නමින් ප්‍රසිද්ධ වූහ.
ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද හිමියෝ ධර්මාරාම හිමි ගෙන ගිය ශාස්ත්‍රීය සේවය නව මුහුණුවරකින් ඉදිරියට ගෙන ගියහ. විශේෂයෙන් විදේශ ධර්ම ප්‍රචාරය සඳහා දඹදිව ශ්‍රී රාහුල සංකෘත්‍යායන, ආනන්ද කෞශල්‍යායන, ජගදීශ කාශ්‍යප වැනි විද්වතුන් උපයෝගි කරගනු ලැබුවේ උන්වහන්සේ ය. මොග්ගල්ලාන ව්‍යාකරණයට සම්බන්ධ පොතපත සංස්කරණය කොට ප්‍රකාශ කළහ. උන්වහන්සේ කළ ශාස්ත්‍රීය සේවය වෙනුවෙන් පේරාදෙණිය විශ්විවද්‍යාලය විසින් “සාහිත්‍ය චක්‍රවර්ති” උපාධිය උන්වහන්සේ වෙත පිරිනමන ලදි.
වර්ෂ 1944 අප්‍රියෙල් මාසයේදී පිරිවෙන් ඉතිහාසයේ මුල් ම වරට උපාධි සම්මුති උත්සවයක් පිරිවෙනේ දී පැවැත්වීමේ ගෞරවය හිමි වන්නේ ද ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද හිමියන්ට ය.
සැබැවින්ම සුවිශාල ශාසනික සේවාවක නියැළි ශ්‍රී ධර්මානන්ද හිමියෝ අවුරුදු විසි හතකට නොඅඩු කාලයක් විද්‍යාලංකාර පරිවේනාධිපති ධූරය හොබවමින් ජීවිතයේ පශ්චිම භාගය නිරාමිස ප්‍රීති සැපයෙන් ගත කොට 1945 දී ස්වර්ග පරායණ වූහ.
ශ්‍රී ධර්මානන්ද හිමියන් පරිහරණය කරන ලද සිවුර, වටාපත, කණ්නාඩි යුගල සහ වෙනත් භාණ්ඩ ප්‍රදර්ශනය සදහා තැබෙනුයේ උන්වහන්සේගේ මතකයන් තවදුරටත් ජිවමාන වනු පිණිසය.