යක්කඩුවේ ප්‍රඥාරාම හිමිගෙන් පසුව පුරප්පාඩු වූ විද්‍යාලංකාර පරිවේනාධිපති ධූරය සඳහා සයවැනි පරිවේනාධිපති හිමි ලෙස පත් වූයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ විනයාචාර්ය නාත්තණ්ඩියේ ප්‍රඥාකර ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ වර්ෂ 1915 පෙබරවාරි 09 වැනි දින උපත ලබා 1930 ඔක්තෝබර් 23 වැනි දින පැවිදි දිවියට ඇතුළත් විය. ඒ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද හිමියන් යටතේ ය. රත්මලානේ ශ්‍රී ධර්මාරාම, ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති යන මහ නා හිමිවරුන් යටතේ හැදී වැඩුණු ප්‍රඥාකර හිමියෝ සිය ආචාර්යවරුන් කෙරෙහි අතිශය ගෞරව සම්ප්‍රයුක්ත වූහග ගුණ ගරුක වූහ. බණ දහමින් මෙන් ම වත්පිළිවෙතින් ද සරු වූ සාමණේර හිමියෝ විසි වයස් සපිරුණු කල එනම් 1939 ජූනි 25 දින මහනුවර මල්වතු මහා විහාරයේ දී ලුණූපොකුණේ ශ්‍රී ධර්මානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.
වර්ෂ 1971 සිට 1986 දක්වා වූ වසර 15 ක කාලයක් තුළ උන්වහන්සේ විද්‍යාලංකාර උපපරිවේනාධිපති තනතුරෙහි කටයුතු කළහ. නාත්තණ්ඩියේ ප්‍රඥාකර නායක හාමුදුරුවෝ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව සනාථ කරමින් 1990 මැයි 26 දින පෙරවරු 8.10 ට කොළඹ මහරෝහලේ මර්චන්ට් වාට්ටුවේ දී අපවත් වී වදාළ සේක.
නාත්තණ්ඩියේ ප්‍රඥාකර ස්වාමීන් වහන්ස විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයීය පුස්තකාලයෙහි ප්‍රථම පුස්තකාලයාධිපතිවරයා වු අතර උන් වහන්සේගේ සේවාවන් සහ දායකත්වය සනිටුහන් කරනු පිණිස උන් වහන්සේ භාවිත කරන ලද අදනය, පිගන් හා මඩිස්ස යනාදි ය ප්‍රදර්ශනය සදහා තැන්පත් කොට ඇත.