Pearl Collection / පබළු එකතුව

1970 දශකයේ යාපනය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් 50,000ක පමණ මුදලකට මෙම භාණ්ඩ එකතුව අප පුස්තකාලයට මිලදී ගෙන තිබෙන්නේ මෙම විශ්ව විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙහි එවකට පුස්තකාලයාධිපතීක්වය දැරූ ටී. ජී. පියදාස මැතිතුමා විසිනි. ලෝහමය කාසි, ටෙරාකොටා හා පාෂාණමය පබළු මාල, ලෝහමය පිළිම, වළලු හා මුදු පමණක් නොව ඇත් දත් හා රත්ත්‍රන් ආදිය භාවිතයෙන් නිර්මාණය කරන ලද භාණ්ඩ වලින් මේ කෞතුක වස්තු එකතුව සමන්විත වේ.
යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරය පුරාවිද්‍යා භාණ්ඩ එකතුවේ කදුරුගොඩ විහාරය නැතහොත් කන්දරොඩෙයි විහාරය ආශ්‍රිත ජනාවාසයේ සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම් මඟින් මේ හා සමාන ටෙරාකොටා හා පාෂාණමය පබළු හමුවී තිබේ. ඒවා සමග සසඳා බැලීමේදී මෙම එකතුවේ තිබෙන ඒවා එම ප්‍රදේශයෙන් හමුවූ ඒවා බවට අනුමාන කළ හැකිය. මේවා ලක්දිව පූර්ව ඓතිහාසික යුගයට අයත් බව විද්වත් අදහසයි. අනෙක් භාණ්ඩ  ඉන් පසු පසුකාලීන විවිධ ඓතිහාසික යුගවලට අයත් බව පෙනේ. ඒ අනුව මේ යාපනයෙන් රැගෙන ආ පැරණි භාණ්ඩ සමූහය, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් සුවිශේෂී වැදගත්කමක් සහිත ඒවා බව පැහැදිලි ය. 

මේ පිළිබඳ කිසිදු ලිඛිත සදහනක් මේ දක්වා සොයා ගැනීමට නොහැකි වූ බැවින් මේ පිළිබඳ මීට වඩා විස්තරයක් ඉදිරිපත් කිරීමට අපහසුය. කෙසේ වෙතත් විචිත්‍ර වර්ණයන් සහිත විවිධ අමුද්‍රව්‍යයෙන් සාදා තිබෙන නිර්මාණ රාශියකින් යුක්ත මෙය අප කෞතුකාගාරය සතු අග්‍රගණ්‍ය එකතුවක් බව ප්‍රකාශ කළ හැකිය. එම භාණ්ඩ එකතුව වර්ගීකරණයක් පහතින් දැක්වේ. 

  • ටෙරාකොටා හා පාෂාණමය පබළු මාල එකතුව
  • පාෂාණමය  වළලු කොටස් එකතුව
  • ලෝහමය  භාණ්ඩ එකතුව - පිළිම, කාසි, වළලු, මුදු හා බොත්තම්
  • පිඟන් මැටි භාණ්ඩ එකතුව - සත්ව රූප හා කුඩා බඳුන්
  • ඇත්දත් සැරසිල්ල
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya