මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ සුවිශේෂ ආචාර්යවරයෙකි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යාපනයට විශාල සේවයක් ඉටුකළ විශිෂ්ඨ විශාරදයෙකි.
ඔහු එතෙක් ඉතිහාස අධ්‍යයන අංශය යටතේ පැවැති පුරාවිද්‍යා විෂයය සඳහා වෙනම ම අධ්‍යයන අංශයක් 1975 වර්ෂයේ දී ස්ථාපිත කළේය. එහි ප්‍රථම අංශාධිපති බවට ඔහු පත් විය. සේනක බණ්ඩාරනායක මහතා 1980 වර්ෂයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ධූරයට පත් වූ අතර 1982 වර්ෂයේ යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ සීගිරිය හා දඹුල්ල ව්‍යාපෘති සම්බන්ධ සංස්කෘතික ත්‍රිකෝණ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධූරය ද හිමි විය.
1986 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය ආරම්භ කිරීමට කටයුතු කළේය. ඒ අනුව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිර්මාතෘවරයා මෙන්ම එහි ප්‍රථම අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරනු ලැබුවේ ද මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාය.
1997 වර්ෂයේ සිට 1999 වර්ෂය දක්වා කාලය තුළ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස තේරී පත් වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා විශ්වවිද්‍යාලයට ගෞරවණීය සේවයක් ඉටුකිරීමට සමත් විය.