සේමසිංහ මහතා 2011 වර්ෂයේ දී ඕස්ටේ්‍රලියාවේ ක්වීන්ස්ලන්ඩ් තාක්‍ෂණ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරනු ලැබුවේ ව්‍යවසායකත්ව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසිනි.
වාණිජ හා කළමනාකරණ ක්‍ෂේත්‍රයේ විශිෂ්ඨ ශාස්ත්‍රඥයකු වන මහාචාර්ය සේමසිංහ මහතා 2004 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා වාණිජ හා මුල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස ද 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වාණිජ හා කළමනාකරණ පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කරනු ලැබීය. මහාචාර්ය සේමසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ආචාර්ය උපාධි (ඩී. බී. ඒ.) පාඨමාලාවේ නිර්මාතෘ වේ.
මහාචාර්ය සේමසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කරනු ලැබීය. මහාචාර්ය සේමසිංහ මහතා වාණිජ හා කළමනාකරණ පීඨයෙන් තේරී පත් වූ ප්‍රථම උපකුලපති ලෙස ඉතිහාසට එක් වේ.