උද්භිද විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රථම අංශාධිපති තනතුරට පත්ව ඇත්තේ මහාචාර්ය අයි. බාලසූරිය මහතාය. ඔහු 1978 ජූලි මස සිට 1981 ජූලි මස දක්වා විද්‍යා පීඨයේ පීඨාධිපති වශයෙන් සේවය කළේය. මහාචාර්ය බාලසූරිය මහතා 1987 වර්ෂයේ රබර් පර්යේෂණ ආයතනයෙහි සභාපති වශයෙන් ද කැලණිය විශ්වවිද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙහි සභාපති වශයෙන් ද NARESA හි තාක්ෂණ කමිටුවේ සභාපති වශයෙන් (Chairman NARESA Technical Committee Biocontrol of Salvinia) ද 1989 වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති වශයෙන් ද සේවය කරමින් එකී ආයතනයන්හි ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇත.
මහාචාර්ය අයි. බාලසූරිය මහතා 1985 ජූලි මස සිට 1987 ජූලි මස දක්වා උපකුලපති ධූරයෙහි සේවය කරමින් කැලණිය විශ්වවිද්‍යාලයෙහි ප්‍රගමනය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරනු ලැබීය.