කලා පීඨය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා යනුවෙන් පීඨ දෙකකට වෙන් කිරීමෙන් පසු මානව ශාස්ත්‍ර පීඨයේ ප්‍රථම පීඨාධිපති තනතුරට පත් වූයේ මහාචාර්ය කැකුළාවල මහතාය. මහාචාර්ය කැකුළාවල මහතා මානව ශාස්ත්‍ර පීඨයේ සංවර්ධනය වෙනුවෙන් බොහෝ කැප වීමෙන් සේවය කර තිබේ. මහාචාර්ය එස්. එල්. කැකුළාවල මහතා 1982 ජුනි මස සිට 1985 කාලය දක්වා කැලණිය විශ්වවිද්‍යාලයීය උපකුලපති තනතුර සඳහා තේරී පත් විය. ඔහුගේ ධූර කාලය තුළ විශ්වවිද්‍යාලයෙහි සංවර්ධනය වෙනුවෙන් බොහෝ සැලසුම් සම්පාදනය කරනු ලැබීය.
ඔහු මහාචාර්යවරයෙකු අංශ ප්‍රධානවරයෙකු, පීඨාධිපතිවරයකු හා උපකුලපතිවරයකු වශයෙන් පරිපාලන කටයුතුවල නිරත වෙමින් අවිවේකී ජීවිතයක් ගත කළ ද, ශාස්ත්‍රීය ඥානය බෙදා හැරීම සඳහා විවිධ පර්යේෂණයන්හි නිරත වූවේය. එමෙන්ම ඔහු විසින් ශාස්ත්‍රීය සඟරා සඳහා පර්යේෂණාත්මක ලිපි ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.