මහාචර්ය එච්. එච්. කොස්තා මහතා 1967 වර්ෂයේ ඔත්තෝබර් මාසයේ ස්ථාපිත කරන ලද සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ සමාරම්භක මහාචාර්යවරයා වේ. මහාචාර්ය කොස්තා මහතා දෙවරක් සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ධූරය හෙබවිය. ඒ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ආරම්භක අංශාධිපති ලෙස 1967 වර්ෂයේ සිට 1980 වර්ෂය දක්වා සහ 1983 වසරේ සිට 1989 වසර දක්වා වේ.
මහාචාර්ය කොස්තා මහතා 1994 වර්ෂයේ සිට 1997 වර්ෂය දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිධූරයෙහි සේවය කළේය. සිය ධූර කාලය තුළ විශ්වවිද්‍යාලය දියුණුව කරා රැගෙන යාමට ද සියලූ ම පීඨවල සහයෝගය ලබා ගැනීමට ද ඔහු සමත් විය. ඔහුගේ සේවා කාලය තුළ ජපානයේ සෝකා විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙැණු අතර එමගින් විද්‍යාර්ථීන් සහ ආචාර්ය මණ්ඩලයේ සමාජිකයන් හුවමාරු වැඩසටහන්වලට සහභාගී කරවීමට අවස්ථාව උදාවිය. එමෙන්ම මහාචාර්ය කොස්තා මහතාගේ ධූර කාලයෙහි සිදු වු සිදුවීම් අතර 1995 වර්ෂයේ දී වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය ආරම්භ කිරීමට පියවර ගැනීම ද සඳහන් කල හැක.