1970 වර්ෂයේ ඔහු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබද මහාචාර්ය තනතුරට පත් විය. ඒ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රථම මහාචාර්යවරයා ලෙස ඉතිහාසගත වෙමිනි.
මහාචාර්ය එම්. පී. පෙරේරා මහතාගෙන් ඉටු වූ සුවිශේෂ ශාස්ත්‍රීය සේවාවක් වන්නේ අ. පො. ස (උ. පෙළ) භූගෝල විද්‍යා විෂයයෙහි ප්‍රධාන පාලක පරීක්ෂක වරයකු වශයෙන් පුරා වසර 30ක් මුලුල්ලේ අඛණ්ඩ ව සේවය කිරීමයි. ඔහු “The National Atlas of Sri Lanka” කෘතියෙහි සහ “ Arjuna Atlas of Sri Lanka” කෘතියෙහි ප්‍රධාන සංස්කාරක වශයෙන් කටයුතු කළේය.
ඔහුගේ සේවා කාලය කුළ විද්‍යාලංකාර පිරිවෙනටත් කැලණිය විශ්වවිද්‍යාලයටත් පරිපාලකයකු වශයෙන් මහගු සේවයක් ඉටු කරනු ලැබීය. ඔහු භුගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති වශයෙන් ද විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පැවති කලා පීඨයේ පීඨාධිපති වශයෙන් ද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයේ මණ්ඩපාධිපති වශයෙන් ද සමාජීය විද්‍යා පීඨයේ පීඨයේ පීඨාධිපති වශයෙන් ද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් ද සේවය කරමින් කැලණිය විශ්වවිද්‍යාලයට ගෞරවණීය සේවාවක් ඉටුකරනු ලැබීය.