මහාචාර්ය සරත් අමුණුගම (2008-2012)

ඔහු 1976 සිට 1987 දක්වා මෙන් ම 1989 සිට 1990 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයීය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති තනතුරෙහි සේවය කරනු ලැබීය. ඔහුගේ සේවා කාලයෙහි ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය සඳහා නව විෂයයන් දෙකක් හඳුන්වා දීමට කටයුතු කරනු ලැබීය. එනම් වාණිජ විද්‍යාව හා සමාජ විද්‍යාව යි. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයට වාණිජ විද්‍යා විෂයය සහ සමාජ විද්‍යා විෂයය හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ මහාචාර්ය කේ. ධර්මසේන මහතාටය.

ධර්මසේන මහතා 1990 වර්ෂයේ සිට 1993 වර්ෂ දක්වා කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරයෙහි කටයුතු කරමින් පීඨයේ ප්‍රගමනය වෙනුවෙන් කැපවිය. මහාචාර්ය කේ. ධර්මසේන මහතා 1993 වර්ෂයේ සිට 1994 වර්ෂය දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය හෙබවිය.
Image
Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya