ඔහු 2000 වර්ෂයේ සිට 2002 වර්ෂය දක්වා ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙහි අංශාධිපති වශයෙන් සේවය කළේය. ආර්ථික විද්‍යා විෂය දුෂ්කර විෂයක් ලෙස සිසුන් අතර පිළිගැනීමක් ඇතිවීම වැනි හේතු නිසා ආර්ථික විද්‍යාව, සමාජ සංඛ්‍යානය සහ දේශපාලන විද්‍යාව හදාරන සිසුන්ගේ ප්‍රමාණය පහත වැටී තිබුණි. මේ සම්බන්ධයෙන් ආචාර්ය මණ්ඩලය සතිපතා රැස්වීම් පවත්වමින් මෙම විෂයයන් ප්‍රවර්ධනය කිරිම සඳහා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත අධ්‍යනාංශය බවට නැවත පත්විය.
2002 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා සමාජීය විද්‍යා පිඨයෙහි පීඨාධිපති වශයෙන් සේවය කරමින් සමාජීය විද්‍යා පීඨයේ එතෙක් නොතිබූ සංවර්ධනයක් ඇති කිරිමට නොපිරිහෙලා කටයුතු කර තිබේ. පීඨයේ උපයන අරමුදල් වලින් පුස්කොළ පොත් සංරක්ෂණ සහ පර්යේෂණ පුස්තකාලය ආරම්භ කළ අතර මහාචාර්ය එන්. කේ. දංගල්ල මහතා සමඟ එක් වි සීඩා/සරෙක් පර්යේෂණ පුස්තකාලය ආරම්භ කරන ලදි.
මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා උපකුලපති වශයෙන් සේවය කළ අතර මොහුගේ කාලයෙහි සිදු වූ සිදුවීම් අතර පරිගණක තාක්ෂණ පීඨය ආරම්භ කිරීම සුවිශේෂ කොට දැක්විය හැකිය.