මහාචාර්ය තිලක් රත්නකාර (1979-1982)

කැලණිය විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කිරීමෙන් අනතුරුව එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාණන් විසින් 1979 ජනවාරි 01 දින සිට ක්‍රියත්මක වන පරිදි එහි පළමු උපකුලපති තනතුරුට එම කාල වකවානුවෙහි විද්‍යාලංකාර මණ්ඩපයෙහි මණ්ඩපාධිපති වශයෙන් සේවය කළ මහාචාර්ය තිලක් රත්නකාර මහතා පත් කරනු ලැබීය. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ ව ප්‍රවීණයෙක් විය.
 
මහාචාර්ය තිලක් රත්නකාර මහතා උපකුලපති ධුරයෙහි සේවය කළ කාලයෙහි සිදු වූ සිදුුවීම් අතර පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් සඳහා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් යොමුකිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම,  දිනපතා අධ්‍යයන අංශ නිරීක්ෂණය කිරීම, අලුතින් අධ්‍යයන අංශ ආරම්භ කිරීම විශේෂ කොට දැක්විය හැකි ය. මහාචාර්ය තිලක් රත්නකාර මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස සේවය කරන කාලයෙහි  ර්‍ණආර්ථික විද්‍යා” සඟරාව ආරම්භ කිරීමට මුල් වූවා සේම ඔහු ආර්ථික විද්‍යා සඟරාවෙහි උපදේශක වශයෙන් ද කටයුතු කරනු ලැබීය.

1982 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මහාචාර්ය තිලක් රත්නකාර මහතා දෙවන වරටත් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් තේරී පත් විය.
Image
Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya