කැලණියට විශ්වවිද්‍යාලයට ප්‍රථම වරට නියෝජ්‍ය උපකුලපති ධූරය හඳුන්වා දී ඇත්තේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා උපකුලපති වශයෙන් කටයුතු කළ කාලයේ දී ය. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම නියෝජ්‍ය උපකුලපති බවට පත්වූයේ මහාචාර්ය තිලකරත්න කපුගමගේ මහතාය.
1982 සිට විශ්‍රාම යන තෙක් කැළණිය විශ්වවිද්‍යාලයෙහි ගණිත අධ්‍යයන අංශයෙහි මහාචාර්ය වශයෙන් ද සේවය කරනු ලැබීය. මහාචාර්ය තිලකරත්න කපුගමගේ මහතා 1999 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා කැලණිය විශ්වවිද්‍යාලයෙහි උපකුලපති වශයෙන් සේවය කළේය.
ඔහුගේ පරිපාලන සමයෙහි කැලණිය විශ්වවිද්‍යාලයෙහි සංවර්ධනය වෙනුවෙන් තබන ලද පියවර රාශියකි. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයෙහි ආචාර්ය මණ්ඩල සංවර්ධන ඒකකය පිහිටුවීමට ගත් උත්සාහය සදානුස්මරණීයයි. සිසුන් කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කරමින් කලණ මිතුරු සෙවණ ආරම්භ කිරීමේ ගෞරවය ද ඔහුට හිමිවේ.