WebHarvy මෘදුකාංගය ඇසුරෙන් පර්යේෂණාත්මක දත්ත සංවිධානය

Online Via Zoom Meeting

Zoom meeting link and the passcode as following;

Meeting ID  :   674 0582 2063

Passcode    :   Web25@Lib

Meeting Date: 25th March 2021

Meeting Time: 2.00 p.m. - 3.00 p.m.

Image

WebHarvy මෘදුකාංගය ඇසුරෙන් පර්යේෂණාත්මක දත්ත සංවිධානය

Web Scraping යනු අන්තර්ජාලයේ පවතින දත්ත විධිමත්ව ඒකරාශී කිරීමයි. එහිදී WebHarvy මෘදුකාංගය අන්තර්ජාලයේ දත්ත කැනීම පහසුවෙන් සහ විධිමත්ව සිදුකිරීම සඳහා යොදා ගත හැකිය. අන්තර්ජාල වෙබ් අඩවි තුළ දත්ත විවිධ අයුරින් පෙළගස්වා ඇත. නමුත් ඒවායේ පෙළගැස්වීම අපට අවශ්‍ය පරිදි සකස්කර ගැනීම තුළින් වඩා කාර්යක්ෂමව තොරතුරු නිර්මාණය කරගත හැකි වේ. මෙමගින් පර්යේෂණ කාර්යය සඳහා දත්ත එක්රැස් කිරීමට සුවිශේෂී පහසුවක් පර්යේෂකයාට අත්කර දෙයි. සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයන් මෙන්ම ආයතනික දත්ත කළමණාකරුවන්ට ද මෙමගින් පහසුවෙන් දත්ත ඒකරාශී කර විධිමත්ව සංවිධානය කරගත හැකිවීම ද විශේෂත්වයකි. මෙම වෙබ් සම්මන්ත‍්‍රණය හා සම්බන්ධවීම තුළින් ඔබට අන්තර්ජාලීය දත්ත පහසුවෙන් පෙළගස්වා ගැනීම පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.

ආවරණය වන කරුණු

1) Web Scraping සහ Data Mining හඳුන්වාදීම

2) WebHarvy මෘදුකාංගය හඳුන්වාදීම

3) YouTube Web Scraping

4) ගුණාත්මක පර්යේෂණ සඳහා Web Scraping

5) ප‍්‍රමාණාත්මක පර්යේෂණ සඳහා Web Scraping

6) දත්ත Export කිරීම

දිනය හා වේලාව : මාර්තු 25 බ‍්‍රහස්පතින්දා ප.ව. 2 ට

දෙයියන්දර පඤ්ඤානන්ද හිමි
සහකාර පුස්තකාලයාධිපති කැලණිය විශ්වවිද්‍යාලය
B.A.(Kel’ya), MSc (SLIIT),PDG in IS (SLIIT)