Webinar on Predatory Publishing Practices - විලෝපික ප්‍රකාශන හඳුනාගැනීම පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය (සිංහල මාධ්‍යය)

Online Via Zoom Meeting

Zoom meeting link and the passcode as following;

Meeting ID  :   669 3248 0452

Passcode    :   Pub02@Lib

Meeting Date: 2nd February 2021

Meeting Time: 2.00 p.m. - 3.00 p.m.

Image

විලෝපික ප්‍රකාශන හඳුනාගැනීම පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය (සිංහල මාධ්‍යය)
Webinar on Predatory Publishing Practices

ඔබත් පර්යේෂකයෙකු සහ ශාස්ත්‍රීය කතුවරයෙකු වශයෙන් පහත කරුණු සම්බන්ධයෙන් මීට පෙර අවධානය යොමු කර  තිබේද? 

පර්යේෂකයෙකු සහ ශාස්ත්‍රඥයෙකු වශයෙන් ඔබ‍ගේ අභිලාෂය වනුයේ ඔබගේ පර්යේෂණ සොයාගැනීම් අන් අය හා බෙදාහදා ගැනීම සහ ඒවා අන් අයට දෘශ්‍යමානවන ලෙස පළ කිරීමයි. එහෙත් ඔබගේ එම නිර්ව්‍යාජ අභිලාෂයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් හා ඔබගේ බුද්ධිමය ශ්‍රමය සූරාකමින් ශාස්ත්‍රීය ප්‍රකාශන ආචාරධර්මයන්ට පටහැණිව මුදල් ඉපැයීම පමණක් පෙරදැරිව කටයුතු කරන විලෝපික ප්‍රකාශකයන් ගැන ඔබ දැනුම්වත් ද? නැතහොත් ඔබ දැනටමත්  එබඳු විලෝපික ප්‍රකාශකයෙකුගේ ඉලක්කයක් බවට පත්ව තිබේ ද? එබඳු විලෝපික ප්‍රකාශන හරහා ඔබගේ ශාස්ත්‍රීය සහ වෘත්තීය ජීවිතයට එල්ලවිය හැකි බලපෑම් කවරේදැයි ඔබ දැනුම්වත් ද?  විලෝපික ප්‍රකාශකයන් හෝ ප්‍රකාශන පහසුවෙන් හඳුනාගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?

මේ ගැන හරියටම දැනගන්න අපගේ නොමිළ වෙබ් සම්මන්ත්‍රණය සමග එක්වන්න..

ආවරණය වන කරුණු:

-          විලෝපික ප්‍රකාශන යනු කවරේද?

-          විලෝපික ප්‍රකාශනය ඔබගේ ශාස්ත්‍රීය සහ වෘත්තීය ජීවිතයට එල්ල කරන බලපෑම කෙබඳු ද?

-          විලෝපික ප්‍රකාශකයෙකු සැබෑ ප්‍රකාශකයෙකුගෙන් වෙන්කර  හඳුනා ගන්නේ කෙසේද?

-          විලෝපික වාර සඟරාවක් සැබෑ වාර සඟරාවකින් වෙන්කර හඳුනා ගන්නේ කෙසේද?

-          ඔබ විලෝපික ප්‍රකාශකයෙකුගේ ගොදුරක් බවට පත් නොවී සිටින්නේ කෙසේද?

දිනය සහ වේලාව: පෙබරවාරි 02 අඟහරුවාදා, ප.ව. 2.00-3.00

තාක්‍ෂණික මාධ්‍යය: Online Zoom Webinar

සංවිධානය: විෂයය මූලික පුස්තකාලයාධිපති සේවාව (SLLS) සහ අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය ඒකකය (IMU), පුස්තකාලය, කැලණිය විශ්වවිද්‍යාලය.

සම්පත්දායක:

ආචාර්ය තරංග රණසිංහ         
B.A. (Kelaniya), M.S.Sc. (Kelaniya), Ph.D (CNU, South Korea), ALA (Sri Lanka)
ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති, කැලණිය විශ්වවිද්‍යාලය.